Course Structure

14 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි කියන්නේ ඔබ අප කාගේත් පවුලේ මනෝ විද්‍යාඥවරිය. ඇය ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෘහණියන්, රාජ්‍ය සේවකයින් හා පෞද්ගලික අංශයේ සේවකයින් දහස් ගණනකට ජීවිතය ජයගන්නා හැටි කියාදුන් චරිතයක්. 

සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය. ඒ වගේම ළමයි සම්බන්ධයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය මේ දේශන මාලාවේ කියලා දෙනවා. 

සිය දිවි නසාගැනීම අද තරුණ තරුණියන් ප්‍රශ්න වලින් මිදියාමට ක්‍රමයක් විදිහට භාවිතා කරනවා. මෙය ඉල්ලක්කම් වශයෙන් ගත්තම සුළු ගණනක් වුවත් ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අනික් රටවල් එක්ක බලද්දී ඉහලම අගයක්. ඇයි කෙනෙක් සියදිවි නසාගන්නේ? මොනවද හේතු? ඒවාට පිළියම් තියෙනවද? මේ වගේ ප්‍රශ්න රාශියකටත් මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මෙහිදී පිළිතුරු ලබා දෙනවා.

"අපේ සමාජයේ ප්‍රශ්න ප්‍රාථමිකයි. එක්කෝ මුදල් පිලිබඳ නඩු, දික්කසාද නඩු හෝ ඉඩම් නඩු තමයි බොහොමයක්. අපේ ජනතාව මිනිස්සු විදිහට හිතන්න පටන් ගන්න තාක් කල් මේ ප්‍රශ්න වල කෙළවරක් නෑ. මේ පීඩනයට විසඳුම කුමක්ද?" ඇතුළු ගැඹුරු කාරණා රැසකට ප්‍රවේශයක් අපි මේ සාකච්ඡාව තුළින් ඔබට ඉදිරිපත් කරනවා.

මෙම Link එක ඔස්සේ ඔබට මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මහත්මියගෙන් වෙලාවක් වෙන් කර ගත හැක - https://elearning.lk/expert/samithaE

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

Video Games Can Be a Remedy for Stress | Video Games මානසික ආතතියට පිළියමක් විය හැක

Preview