Course Structure

28 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

2,250.00 LKR

IT Field එකේ UI Developing (User Interface Developing) කරන අය සහ ඉගෙන ගන්න අය වෙනුවෙන් eLearning.lk වෙතින් ගෙන එන අලුත්ම "Responsive Web Developing" පාඨමාලාව...
 
පාඩම් 26ක් සහිත මේ පාඨමාලාවේදී.... කිසිම ආධාරකයක් නැතිව, තනියෙන්, වෙබ් අඩවියක් Mobile Phones වේවා, Tab වේවා, ඕනෑම Device එකක් හරහා කිසිම දෝෂයක් නැතුව පරිශීලනය කරන්න පුලුවන් වෙන විදිහට, මූලික සංකල්ප ඔස්සේ Code කරන්න කියලා දෙනවා.
 
මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි අපි මේ දේවල් කියලා දෙන්නෙ බින්දුවේ ඉදලයි. ඒ කියන්නෙ බොහොම ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා. ඒ වගේම දන්න සිංහලෙන්, ඉතාමත් සරලව.
 
එහෙම Code කරන කොට සැළකිලිමත් විය යුතු දේවල්, කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් ගැනත්..... පරීක්ෂා කරන ක්‍රම, උපකාරී වන මෘදුකාංග සහ මෙවලම්, දත්ත සහ තොරතුරු එකතු කරන ක්‍රම, කෙටි සහ පහසු ක්‍රම වගේ ගොඩක් දේවල් ගැනත් සාකච්ඡා කෙරෙනවා.
 
මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් HTML5 සහ CSS3 සම්බන්ධ මූලික දැනුම තිබිය යුතුයි.
 
පාඨමාලාවේ පළවෙනි පරිච්ඡේදය නොහොත් හැඳින්වීමේ පරිච්ඡේදයේ තියෙන නොමිළේ පාඩම් හතර නරඹලා, සම්පූර්ණ පාඨමාලාවේ අන්තර්ගතය, අරමුණු සහ පාඨමාලාවට සම්බන්ධවීමේ වැදගත්කම ගැන ඔයාලට අදහසක් ගන්න පුලුවන්.
 
පාඨමාලාවේ පාඩම්, පෙර පටිගත කරන ලද වීඩියෝ මාධ්‍යයෙන් තියෙන නිසා පාඨමාලාව මිළදී ගත්තට පස්සෙ, කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට ඉදගෙන, කැමති කාලයක් යනකන් පාඨමාලාවේ පාඩම් නැරඹීමේ අවස්ථාව තියෙනවා.

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

Course | පාඨමාලාව

Preview

Job Roles | රැකියා කාර්යභාරය

Preview

Evolution of Websites | වෙබ් අඩවි වල විකාශනය

Preview

Timeline of Responsive Websites | Responsive වෙබ් අඩවි වල කාල රේඛාව

Preview